වැරැද්දට දඬුවම
මන්නාරම පේසාලේ ප්රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්රදේශයේ කළ සෝදිසි මෙහෙයුමකදී නීතිවිරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් 4 දෙනෙකු නාවික හමුදාව සිය භාරයට ගෙන තිබෙනවා.
නාවික හමුදාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව එක්වයි සෝදිසි මෙහෙයුම සිදුකළේ.
එහිදී සැකකරුවන් 4 දෙනෙකු සමග ඩිංගි යාත්රා 2ක් නාවික හමුදා භාරයට ගැණුනා.
මුහුදු කූඩැල්ලන් 343ක තොගයක් ද සැකකරුවන් ළග තිබී සොයාගෙන තිබෙනවා.
නීතිවිරෝධී ධීවර කටයුතු වැළැක්වීමට නාවික හමුදාව නිරන්තරයෙන් සෝදිසි මෙහෙයුම් සිදුකරනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 25 සහ 52 යන වයස් කාණ්ඩවල පසුවන මන්නාරම සහ පේසාලේ ප්රදේශවල පදිංචිකරුවන්.
ඉදිරි නීතිමය කටයුතු සදහා සැකකරුවන් සහ භාණ්ඩ මන්නාරම සහකාර ධීවර අධ්යක්ෂ කාර්යාල වෙත භාරදී තිබෙනවා.
The post වැරැද්දට දඬුවම appeared first on ITN News.