වාහන ආනයනය සීමා මුළුමනින්ම ලිහිල් කළොත් ඉක්මණින්ම වාහන මිල අඩුවේවි ද?
ශ්රී ලංකාවේ විදේශ සංචිත පහත වැටීම සහ කොවිඩ් වසංගතය නිසා ඇතිවූ ආර්ථික අර්බුදය හේතුවෙන් 2020 වසරේ මාර්තු මාසයේදී ශ්රී ලංකා මහ බැංකුව විසින් රථවාහන සහ අත්යවශ්ය නොවන භාණ්ඩ ආනයනය කිරීම අත්හිටුවීමට තීරණය කළේය.පළමුව මාස 03ක කාලයක් සඳහා එම නියෝගය පනවන ලබන බවට පැවසූවත් වසර 04 ක් පුරා වාහන ආනයනය තහනම් කිරීමේ නියෝග වෙනස් කිරීමට මහ බැංකුව හෝ රජය මේ දක්වා කටයුතු නොකරන ලදී.