කොළඹ වරාය හරිත වරායක් ?
කොළඹ වරාය හරිත වරායක් ලෙස සංවර්ධනය කිරීමට චීනයේ ටියැංජි වරායේ සහාය හිමිව තිබෙනවා.
ලෝකයේ 9 වන වරාය ලෙස ශ්රේණිගතව සිටින ටියැංජි වරායේ සභාපති චූ බින් මහතා ඇතුළු නියෝජිත කණ්ඩායමක් අමාත්ය නිමල් සිරිපාල ද සිල්වා මහතා හමුවූ අවස්ථාවේ මෙම අදහස් පළකෙරුණා.
ලෝකයේ දැනට ක්රියාත්මක වන විශාල වරායන් තුළ කාබන් ඩයොක්සයිඩ් වායුව අවම කිරීමේ ක්රියාවලිය හෙවත් හරිත වරායක් බවට පත් කිරීමේ ව්යාපෘතිය ක්රියාත්මක කරමින් සිටිනවා.
කාර්මීකරණයෙන් හා වරාය මෙහෙයුම්වලින් ඉහළම ස්ථානයක සිටින කාර්ය බහුල වරායන් හිමි චීනය සිය හරිත වරාය සංකල්පය ක්රියාත්මක කිරීමේදී ලබාගත් අත්දැකීම් මිතුරු රටවල් අතර බෙදාගැනීමේ පියවරක් ලෙසයි මෙම සහාය ලබාදී තිබෙන්නේ.
The post කොළඹ වරාය හරිත වරායක් ? appeared first on ITN News.