අපරාධ කල්ලි සමාජිකයින් අතින් මියගිය අයගේ දෙමව්පියන් විරෝධතාවක
අපරාධ කල්ලි සමාජිකයින් අතින් මියගිය අයගේ දෙමව්පියන් සහ සමාජ ක්රියාකාරීන් එක්ව කොටුව දුම්රිය පොළ ඉදිරිපිට දී අද විරෝධතාවක් සිදුකළා.
සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ප්රධාන ලේකම් සුදේශ් නන්දිමාල් සිල්වාට එරෙහිවයි මෙම උද්ඝෝෂණය සංවිධාන කර තිබුණේ.
විරෝධතාකරුවන් පැවසුවේ මෙම පුද්ගලයා දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවය කරමින් රාජකාරියට වාර්තා නොකර වැටුප් ලබාගනිද්දී ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන අයුරින් ක්රියා කරන බවයි.
අපරාධ කල්ලි සාමාජිකයින්ගෙන් මුදල් ලබා ගනිමින් මත්ද්රව්ය තුරන් කිරඨීම සදහා ආරක්ෂක අංශ ගෙනයන වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමට මෙම පුද්ගලයා ක්රියා කරන බවටයි උද්ඝෝෂකයින් චෝදනා කළේ.
The post අපරාධ කල්ලි සමාජිකයින් අතින් මියගිය අයගේ දෙමව්පියන් විරෝධතාවක appeared first on ITN News.