හෙට කොළඹ විශේෂ රථ වාහන සැලැස්මක්
හෙටට යෙදී ඇති කම්කරු දිනය වෙනුවෙන් කොළඹ පැවැත්වෙන මැයි රැළිය හේතුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක් ක්රියාත්මක කිරීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා.
මැයි දින සැමරුම වෙනුවෙන් හෙට දිනයේ මැයි රැළි සහ පෙළපාළි 40ක් පමණ පැවැත්වීමටයි කටයුතු සංවිධාන කර ඇත්තේ.
ඒ වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ද ක්රියාවට නංවා ඇති අතර පොලිස් නිලධාරීන් 6000ක් රාජකාරීයේ යොදවන බවයි පොලිස් මූලස්ථානය පවසන්නේ.
කොළඹ නගරය ආශ්රිතව වැඩි වශයෙන් මැයි රැළි හා පෙළපාළි පැවැත්වෙන බැවින් මාර්ග තදබදයක් ඇති වීමේ ඉඩකඩ පවතිනවා.
එහෙයින් විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි රථ වාහන පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.
The post හෙට කොළඹ විශේෂ රථ වාහන සැලැස්මක් appeared first on ITN News.