යතුරුපැදි අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මරුට
සෙවනගල හන්දිය, ගිණිගල්පැලැස්ස ප්රදේශයේදී සිදුවූ යතුරුපැදි අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.
ඊයේ (29) රාත්රී කාලයේදී එම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.
එලෙස මියගොස් ඇත්තේ, සෙවනගල ප්රදේශයේ පදිංචි 35 හැවිරිදි හා 46 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකි.
සෙවනගල හන්දිය දෙස සිට ගිණිගල්පැලැස්ස දෙසට ධාවනය වූ යතුරුපැදික ප්රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක ගැටී එම අනතුර සිදුව තිබිණි.
The post යතුරුපැදි අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මරුට appeared first on ITN News.