කෙහෙළියගේ පෙත්සමේ නියෝගය ලබන හත්වනදා
තමන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට දුන් නියෝගයට එරෙහිව හිටපු සෞඛ්ය අමාත්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙන්නේ ද නැද්ද යන නියෝගය ප්රකාශ කිරීම මැයි 7 වනදා දක්වා කල්තැබුනා.
අභියාචනාධිකරණය මඟින් මෙම නියෝගය අද දිනයේ දී ප්රකාශයට පත්කිරීමටයි නියමිතව තිබුණේ.
තත්ත්වයෙන් බාල ඖෂධ ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධ නඩු විභාගය අවසන් වන තෙක් හිටපු අමාත්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාළිගාකන්ද මසේත්ත්රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
ඊට එරෙහිවයි ඒ මහතා මෙම රීට් පෙත්සම ඉදිරිපත් කළේ.
පෙත්සම පිළිබද නියෝගය ලබන 7 වනදා දක්වා කල් තබන බව විනිසුරු ඩී එන් සමරකෝන් මහතා නිවේදනය කළා.
මේ අතර තත්ත්වයෙන් බාල ඖෂධ ගෙන්වීමේ සිද්ධියේ සැකකරුවන් වන කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඇතුලු විත්තිකරුවන්ට ඇප ලබානොදෙන ලෙස ඉල්ලමින් අලුත්කඩේ උසාවි සංකීර්ණය ඉදිරිපට විරෝධතාවක් පැවැත්වුණා. සිවිල් සංවිධාන කිහිපයක් එක්ව එය සංවිධාන කර තිබුණා.
The post කෙහෙළියගේ පෙත්සමේ නියෝගය ලබන හත්වනදා appeared first on ITN News.