මහින්දානන්ද නිදොස් කොට නිදහස්
අමාත්යවරයෙකු වශයෙන් කටයුතු කරමින් අයතා ලෙස උපයාගත් රුපියල් මිලියන 27කට අධික මුදලක් වැය කොට කොළඹ කින්සි පාරේ සුඛෝපභෝගී නිවසක් මිලදී ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා ලබා සිටි හිටපු අමාත්ය මහින්දානන්ද අලුත්ගමගේ නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කළා.
කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නේය.
මෙම චෝදනාව සම්බන්ධයෙන් ඉකුත් යහපාලන රජය සමයේ නීතිපතිවරයා විසින් හිටපු අමාත්ය මහින්දානන්ද අලුත්ගමගේට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබුණා.
The post මහින්දානන්ද නිදොස් කොට නිදහස් appeared first on ITN News.