ශ්රී ලංකාව සහ කසකස්ථානය අතර ද්විපාර්ශවික ගුවන් සේවා ගිවිසුමක්
ශ්රී ලංකාව සහ කසකස්ථානය අතර ද්විපාර්ශවික ගුවන් සේවා ගිවිසුමක් අත්සන් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.
කසකස්ථානය සහ ශ්රී ලංකාව අතර ගුවන් සේවා කටයුතු දියුණු කිරීම සඳහා දෙරටේ ගගන නාවික අධිකාරීන් අතර ගුවන් සේවා ගිවිසුමක් අත්සන් තැබීම පිණිස 2015-05-13 දින පැවති අමාත්ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාදී තිබුණද එකී ගුවන් සේවා ගිවිසුම මේ දක්වා අත්සන් කිරීමට හැකිවී නැහැ.
යෝජිත ගුවන් සේවා ගිවිසුම යටතේ ශ්රී ලංකාවේ කවර හෝ ස්ථානයක සිට කසකස්ථානයේ ඇස්ටානා හෝ අල්මැටි දක්වා නිශ්චිත ගමන් මාර්ග ඔස්සේ සතියකට ගමන් වාර හතක් ගුවන් සේවා මෙහෙයවීමට අපේක්ෂා කරන බවයි රජය පවසන්නේ
ඒ අනුව දෙපාර්ශවය විසින් එකඟතාවයට පැමිණ ඇති ගුවන් සේවා ගිවිසුමට අත්සන් තැබීම පිණිස වරාය නාවික හා ගුවන් සේවා අමාත්යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.
The post ශ්රී ලංකාව සහ කසකස්ථානය අතර ද්විපාර්ශවික ගුවන් සේවා ගිවිසුමක් appeared first on ITN News.