මියන්මාරයෙන් වාර්තාගත උෂ්ණත්වයක්
ගිනිකොණ දිග ආසියාවේ රටවල් රැසකට අධික උෂ්ණත්වය හේතුවෙන් දැඩි බලපෑම් එල්ලවී තිබෙනවා.
සති කීපයක් පුරා පවතින අධික උෂ්ණත්වයේ බලපෑම හේතුවෙන් ගිණිකොනදිග ආසියාවේ රටවල් රැසක ජනතාව දැඩි පීඩාවට පත්ව සිටින බවයි වාර්තා වන්නේ.
1968 වසරේ දී වාර්තා වූ සෙල්සියස් අංශක 47.4ක වාර්තාගත උෂ්ණත්වයෙන් පසු වැඩිම උෂ්ණත්වය මියන්මාරයෙන් වාර්තා වනවා.
මේ වනවිට එරට උෂ්ණත්වය සටහන් වන්නේ සෙල්සියස් අංශක 48.2ක් ලෙසයි.
අධික උෂ්ණත්වය හේතුවෙන් මෙම වසර තුළදී පිලිපීනයේ ද විශාල පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
මේ වනවිට පිලිපීනයේ සියලු රජයේ පාසල් දින දෙකක කාලයක් සදහා වසා තිබෙනවා.
එළිමහනේ සියලු ක්රියාකාරකම්වලින් වැළකී සිටින ලෙසයි පිලිපීන සෞඛ්ය අංශ දරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ.
වසර 170කට පසු කාම්බෝජයෙන් ද ඉහළම උෂ්ණත්වය වාර්තා වී තිබෙනවා. මේ වනවිට එරට උෂ්ණත්වය සටහන් වන්නේ සෙල්සියස් අංශක 43ක් ලෙසයි.
The post මියන්මාරයෙන් වාර්තාගත උෂ්ණත්වයක් appeared first on ITN News.