අසත්ය තොරතුරු ලබාදී අස්වැසුම ගත්තාද? මෙන්න වෙන දේ
අසත්ය තොරතුරු ලබාදී අස්වැසුම ප්රතිලාභ ලබාගත් පිරිස සෙවීමට විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය පවසනවා.
එම ප්රතිලාභ අත්හිටුවීමට සහ නැවත අයකර ගැනීමට සූදානම් බවයි එම මණ්ඩලය සදහන් කරන්නේ.
අසත්ය තොරතුරු ලබාදී ඇති පිරිස සම්බන්ධයෙන් නීතිය ක්රියාත්මක කිරීම සදහා විශේෂ වැඩපිළිවෙළක් ක්රියාත්මක කිරීමට සැළසුම් කර තිබෙනවා.
ඊට අදාළ චක්රලේඛය සියලු දිස්ත්රික් ලේකම්වරුන් වෙත සහ ප්රාදේශීය ලේකම්වරුන් වෙත නිකුත් කර ඇති බවයි සුබසාධක ප්රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න මහතා පවසන්නේ.
ලබාදී ඇති තොරතුරු සම්පූර්ණයෙන්ම හෝ කොටසක් අසත්ය බවට අනාවරණය වුවහොත් සුබසාධන ප්රතිලාභ මණ්ඩල පනත යටතේ ද ප්රතිපාදන ඇති බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.
අසත්ය තොරතුරු බවට තහවුරු වුවහොත් ප්රතිලාභියා මුදල් ලබාගෙන නොමැති නම් ලැයිස්තුවෙන් ඉවත් කිරීමට දැනට මුදල් ලබාගන්නේ නම් ප්රතිලාභ අත්හිටුවීමට මෙන්ම නැවත අයකර ගැනීම ද සිදුකරන බවයි සභාපතිවරයා ප්රකාශ කළේ.
The post අසත්ය තොරතුරු ලබාදී අස්වැසුම ගත්තාද? මෙන්න වෙන දේ appeared first on ITN News.