කෙහෙල් බද්දර පත්මසිරිගේ අනියම් බිරිඳ හෙරොයින් මත්ද්රව්ය සමග අත්අඩංගුවට
ඩුබායි රාජ්යයේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු වන කෙහෙල් බද්දර පද්මසිරි යන පුද්ගලයාගේ අනියම් බිරිඳ රද්දොළුගම ප්රදේශයේ නිවාස සංකීර්ණය තුළ පිහිටි තෙමහල් නිවසක තුන්වන මහලෙහි ඉතා රහසිගත ලෙස සැඟවී සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඇය 2024.04.26 වන දින ඩුබායි රාජ්යයේ සිට ලංකාවට පැමිණ ඇති අතර සැකකාරිය හෙරොයින් මත්ද්රව්ය 10 g 420 mg ක් සහ එම මත්ද්රව්ය ජාවාරමෙන් උපයා ගන්නා ලද මුදල් රුපියල් 147,000 ක් සමග මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.
ඇය ලංකාවේ මත්ද්රව්ය ජාවාරම මෙහෙයුම් බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.
තවද මෙම කාන්තාව 2016.11.26 වන දින ශ්රී ලංකා ගුවන් හමුදාවට බැඳී 2018 වසරේ එයින් ඉවත් වී ඇති බවට ද තොරතුරනාවරණය වී ඇති බව පොලිසිය පැවසුවා.
මේ සම්බන්ධව ඉදිරි විමර්ශන කටයුතු බස්නාහිර පළාත් බුද්ධි අංශය මගින් සහ මීගමුව කොට්ඨාස භාර නිලධාරි පොලිස් අධිකාරී එරික් පෙරේරා සහ ප්රධාන පොලිස් පරීක්ෂක චන්දන යන මහත්තුරුන් විසින් සිදු කරනවා.
The post කෙහෙල් බද්දර පත්මසිරිගේ අනියම් බිරිඳ හෙරොයින් මත්ද්රව්ය සමග අත්අඩංගුවට appeared first on ITN News.