How can Sri Lankan charities find international donors and partners?

ජාතික නාමල් උයනේ උන්නතියට උරදුන් මාධ්යවේදීන්, විද්යුත් හා මුද්රිත මාධ්ය ඇගයේ

- itnnews.lk

ජාතික නාමල් උයන 33 වැනි සංවත්සරයට සමගාමීව නාමල් උයන මතු පරපුර වෙනුවෙන් රැකගැනීම සඳහා උරදුන් විද්යුත් හා මුද්රිත මාධ්ය ආයතනවලට උපහාර පිදීමේ උත්සවය ඊයේ (2024.04.30) අරලියගහ මන්දිරයේදී අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්වුණා.

ජ්යේෂ්ඨ මාධ්යවේදී එඩ්මන් රණසිංහ, සිරි රණසිංහ ඇතුළු මාධ්යවේදීන් හා මාධ්ය ආයතන මෙහිදී ඇඟයීමට ලක්කෙරුණා.

ඓතිහාසික නාමල් උයන පිළිබඳ පුරාවිද්යා ගවේෂණ කෙටුම්පත් වාර්තාව එළි දැක්වීම හා ජාතික නාමල් උයන මතු පරපුර වෙනුවෙන් රැක ගැනීමට අදාලව පේරාදෙණිය විශ්ව විද්යාලය සමඟ ගිවිසුමකට අත්සන් කිරීමද මෙහිදී සිදු කෙරුණා.

එහිදී අදහස් දැක්වූ අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා,

“දැනුමේ උල්පත හා ජාතියේ වර්ධනය පණිවුඩය බවට පත්කළ දිවයින කර්තෘ එඩ්මන් රණසිංහ, සිරි රණසිංහ දෙපළ අප සිහිපත් කරන්නේ සතුටින්.

නාමල් උයන වනවාසී රාහුල ස්වාමීන් වහන්සේ සඳහන් කළ පරිදි මාධ්ය ආයතන ජාතිය පුබුදු කළා.

කතෘවරුන්, ලේඛකයන්, ජනමාධ්යවේදීන් හා විවිධ මාධ්ය ආයතන ඇති කළ ඒ ජාතික මහා පිබිදීම සමඟ නාමල් උයන අපේ රටට දායාද කරන්න අපේ නායක හාමුදුරුවෝ මැදිහත් වුණා.

ඉතිහාසඥයන්, පුරාවිද්යාඥයින් හා විවිධ පර්යේෂකයින්ට ශතවර්ෂ ගණනාවක ඉතිහාසයක් ඇති නාමල් උයනේ රෝස තිරුවානා ගල් පර්වතය හසු වෙන්නට ඇති. දකින්නටත් ඇති.

නමුත් ලෝකයා ද මවිත කරමින් තවත් උත්තම දායාදයක් බවට නාමල් උයන පත්කරන්නේ රාහුල ස්වාමින් වහන්සේයි.

රෝස තිරිවානා පර්වතය ආරක්ෂා කොට, එය ජාතික උරුමයක් බවට පත්කිරීමේ කර්තව්ය සාර්ථකව සිදුකර, එය ජාතියට උරුමයක් ලෙස ලබාදීමේ නිර්මාතෘ හා ආරක්ෂකයා මෙන්ම මගපෙන්වන්නා උන් වහන්සේයි.

අඛණ්ඩ තිස් වසරකට වැඩි කාලයක් ඒ සදහා වැයකළ වනවාසී රාහුල ස්වාමීන් වහන්සේට යළි යළිත් පින් දෙනවා.

අවුරුදු පන්දහසකට වැඩි උරුමකම් කියන ජාතියක අඛණ්ඩතාවය, පැවැත්ම, ඒ අභිමානය, අනභිභවනීය උරුමය නිසාම ලොව අප දිහා බැලුවා. ලොව අප වෙත පැමිණියා.

යටත් විජිත කාලයන් හී අපට කරදර සිදුවුණා. ඔවුන් නැවත ගියා. නමුත් නාමල් උයන එලෙසම පැවතුණා.

රෝස තිරුවානා මහා පර්වතය ආරක්ෂා කොට, මහත් දුෂ්කරතා මධ්යයේ අනාගත පරම්පරාවට ජෛව විවිධත්වයෙන් යුක්ත නා උයනක් දායාද කළේ ඔබ වහන්සේයි.

නාමල් උයන හා රෝස තිරිවානා පර්වතය තවදුරටත් ආරක්ෂා කොට, දියුණු කිරීමට අවශ්යයි.

ලෝකය පර්යේෂණ නතර කරන්නේ නැහැ.

ලෝකය අඛණ්ඩ පර්යේෂණවල යෙදෙනවා.

නාමල් උයන කියන්නෙත් අඛණ්ඩ පර්යේෂණ වලට දායාද වී තිබෙන කේන්ද්රස්ථානයක්.

අප රටේ වගේම ලොව අනෙකුත් රටවල පර්යේෂණකයින්ටද ශ්රී ලංකාව පර්යේෂණ කේන්ද්රස්ථානයක් බවට පත්ව තිබෙනවා.

මා අමාත්යවරයෙකු සමයේ දඹුල්ල නගරය තිබුණු තත්ත්වයෙන් ගොඩනැගීමට ඔබ වහන්සේ හා අපි එකතු වුණා.

එදා ඔබ වහන්සේ රෝස තිරිවාන නිධියේ ආරක්ෂාව වෙනුවෙන් අපේක්ෂා කළ මූලස්ථානය මා ඔබට ලබා දුන්නා වගේම ඉන් පසුව දඹුල්ල යළි පණ ගැන්වීමේ හඬ බවට එම කේන්ද්රස්ථානය පත්වුණා.

අද දඹුල්ල නගරය නොනිදන නගරයක් බවට පත්වෙලා.

දඹුලු නගරය සංචාරකයන්ගේ හා වන්දනාකරුවන්ගේ ආකර්ශනීය නගරයක් වුණේ ඔබ වහන්සේගේ කැපවීමෙන්.

යුතුකම හා බැඳියාව, කැපවීම තුළින් ස්වාමීන් වහන්සේ ලබා දී තිබෙන ආදර්ශය ඉතා වැදගත්.

දුෂ්කරතා මධ්යයේ මේ උත්තම දායාදය ආරක්ෂා කර ගැනීමටත්, එය හරියාකාරව සකස් කර ගැනීම සඳහාත් උන් වහන්සේ කළ වැඩසටහනේ ශක්තිය වුණේ පර්යේෂකයින්, ඒ පර්යේෂණ කෙරෙහි උනන්දුවක් දක්වන ජනමාධ්යවේදීන් හා අලුතින් දෑ හොයන විශ්වවිද්යාල දරුවන්.

බුදුරජාණන් වහන්සේගේ ධර්ම මාර්ගය අනුගමනය කළ ඔබවහන්සේ කවදාවත් කළබල වුණේ නැහැ.

ඉවසීමෙන් මේ දුෂ්කර ගමන ගත කළා.”

ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් සුභපැතුම් පණිවුඩයක් යොමු කර තිබූ අතර ජනමාධ්ය ඇමැති බන්දුල ගුණවර්ධන මහතා විසින් එය සභාවට ඉදිරිපත් කළා.

මෙහිදී අදහස් දැක්වූ ජාතික නාමල් උයනේ නිර්මාතෘ වනවාසී රාහුල හිමි,

“මාර්තු මාසේ 28 වැනිදාට ජාතික නාමල් උයන ආරම්භ කර අවුරුදු තිස්තුනක් පිරුණා.

එය අනුස්මරණය කිරීම සඳහායි අද මේ උත්සවය පවත්වනු ලබන්නේ.

ජාතික නාමල් උයන ආරම්භ කරලා ඒ ගැන රටට පණිවුඩය ගෙනියන්න රටේ විද්යුත් හා මුද්රිත මාධ්ය මට සහයෝගය දුන්න නිසයි අද මේ වගේ උත්සවයක් අරලියගහ මන්දිරයේ පවත්වන්න හැකි වුණේ.

එඩ්මන් රණසිංහ, සිරි රණසිංහ, වර්තමාන දිවයින ප්රධාන කර්තෘ නාරද නිශ්ශංක, වත්මන් ලේක්හවුස් කර්තෘ මණ්ඩල අධ්යක්ෂ සිසිර පරණතන්ත්රී ඇතුළු එකී නොකී සියලුම විද්යුත් හා මුද්රිත මාධ්ය අද මාව මෙතනට ගෙනාවා.

මම ඒක අමතක කරන්නේ නැහැ.

ඔබගේ කැමරාව, ඔබගේ පෑන ජාතික නාමල් උයන ලෝකයට අරගෙන ගියා.

මගේ හෘද සාක්ෂිය දන්නවා මම කරන්නේ හරි දේ කියලා.

මීට අවුරුදු පහකට කලින් මධ්යම සංස්කෘතික අරමුදලට නාමල් උයන බාර දුන්නා.

මධ්යම සංස්කෘතික අරමුදල නාමල් උයන විධිමත්ව පවත්වාගෙන යාමට කටයුතු කරන්න ඕනේ.

නාමල් උයන මතු පරපුර වෙනුවෙන් ආරක්ෂා කරගැනීමට පේරාදෙණිය විශ්ව විද්යාලයත් සමඟ අපි අද ගිවිසුමකට අත්සන් කරනවා.

පුරාවිද්යා දෙපාර්තමේන්තුව, මධ්යම සංස්කෘතික අරමුදල, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව එකතුවෙලා ජාතික නාමල් උයන රැකගත යුතුයි.

මධ්යම සංස්කෘතික අරමුදලේ නවීකරණයක්, දැක්මක් නැහැ කියලා මට හිතෙන්නේ.

ඒ අය කියන විදියට චක්රලේඛ, නීතිය හැමදේටම හරස් වෙනවා.”

ජාති, කුලමල ආගම් වලින් තොරව ජාතික නාමල් උයනේ උන්නතිය වෙනුවෙන් කටයුතු කළ තිදෙනෙකුට දේශමාන්ය ගෞරව සම්මාන පුද කිරීමද මෙහිදී සිදු කෙරුණා.

අමාත්ය බන්දුල ගුණවර්ධන, හිටපු කථානායක ජයසූරිය, රාජ්ය අමාත්ය ජානක වක්කුඹුර, පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන දුමින්ද දිසානායක, අසංක නවරත්න, යදාමිණී ගුණවර්ධන, වියට්නාම තනාපති හෝ තී තා තෘක් මහත්මිය, අග්රාමාත්ය ලේකම් අනුර දිසානායක, ඇතුළු පිරිස සහ සියලු මාධ්ය ආයතන නියෝජිතයින් මෙම අවස්ථාවට සහභාගී වුණා.

The post ජාතික නාමල් උයනේ උන්නතියට උරදුන් මාධ්යවේදීන්, විද්යුත් හා මුද්රිත මාධ්ය ඇගයේ appeared first on ITN News.

You may also like

- island.lk

Travis Head and Abhishek Sharma are used to going bang, bang and pretty much killing off games in the first six overs at IPL 2024. But in the first qualifier in Ahmedabad, it was Mitchell Starc who went bang, bang, bang in the powerplay to secure Kolkata Knight Riders’ spot in the IPL final on […]

- adaderana.lk

A derailment between Pothuhera and Kurunegala railway stations has reportedly delayed train services on the main line.

- island.lk

United States of America, the No. 19 ranked cricket team in T20Is, shocked Bangladesh, the ninth ranked team in the world, with a five-wicket victory in Texas. More impressively, the hosts dominated most of the proceedings, as they took a 1-0 lead in the three-match series, picking up their second win against a Full Member […]

- island.lk

Weather forecast issued at 05.30 a.m. on 22 May 2024 by the Department of Meteorology The Southwest monsoon conditions are gradually establishing over the island; hence, the prevailing showery and windy conditions will continue further. Cloudy skies can be expected over most parts of the island. Showers or thundershowers will occur at times in Western, […]

- adaderana.lk

The Meteorology Department says that Southwest monsoon conditions are gradually establishing over the island and hence the prevailing showery and windy conditions will continue further.

- island.lk

The Army headquarters yesterday (21) announced that at the end of the month-long general amnesty period (April 20 to May 20), 15,667 personnel who were absent without leave had been discharged. They included 373 personnel who were currently overseas, Director General Media and Physiological Operations Maj. Gen. Rasika Kumara said in a statement issued yesterday. […]

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc