ප්රදේශ කිහිපයකට සවස් කාලයේ වැසි
බස්නාහිර, සබරගමුව සහ මධ්යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි.
වයඹ පළාතේ සහ මන්නාරම දිස්ත්රික්කයේ සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.
මධ්යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.
The post ප්රදේශ කිහිපයකට සවස් කාලයේ වැසි appeared first on ITN News.