නීති විරෝධී මත්පැන් තොගයක් සඟවාගෙන සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට
නීති විරෝධී අයුරින් මත්පැන් තොගයක් සඟවාගෙන සිටි පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගත්තා.
විශේෂ කාර්ය බලකායේ ත්රීකුණාමලය කඳවුරේ නිලධාරීන් පිරිසක් මූතූර් ප්ර දේශයේ දී කළ වැටලීමකදී මේවා අත්අඩංගුවට ගෙන ඇත්තේ.
බලපත්රයක් නොමැතිව මත්පැන් බෝතල් 65ක් බියර් බෝතල් 56ක්, බියර් ටින් 48ක් මොහු මෙසේ සඟවාගෙන තිබෙනවා.
ඒවායෙහි වටිනාකම රුපියල් ලක්ෂ දෙකකට ආසන්න බවයි වාර්තා වන්නේ.
වයස අවුරුදු 20ක් වන සැකකරු මූතූර් පොලිසියට භාරදී තිබෙනවා.
The post නීති විරෝධී මත්පැන් තොගයක් සඟවාගෙන සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට appeared first on ITN News.