උතුරේ ජනතාව ලබන නිදහස ප්රශංසනීයයි – එරික් සෝල්හයිම්
එල්ටීටීඊ ත්රස්ත ක්රියාකාරකම් හමුවේ දුක්විදි උතුරේ ජනතාව අද ලබන නිදහස ප්රශංසනීය බව නෝර්වේ හිටපු විදේශ අමාත්ය සහ ජාත්යන්තර කාලගුණ විපර්යාසයන් පිළිබඳ ජනාධිපති උපදේශක එරික් සෝල්හයිම් මහතා පවසනවා.
උතුරු පළාත් ආණ්ඩුකාර පී එස් එම් චාල්ස් මහත්මිය හමුවී සාකච්ඡා පැවැත්වූ අවස්ථාවේ ඒ මහතා මෙම අදහස් පළකළා.
උතුරේ ජනතාව යළි පදිංචි කිරීම, යටිතල පහසුකම් සංවර්ධනය හා ඔවුන්ගේ පවුල්වල ජීවන තත්ත්වයන් නගා සිටුවීම සඳහා රජය ක්රියාත්මක කරන වැඩසටහන් අගය කරන බවයි එරික් සෝල්හයිම් මහතා ප්රකාශ කළේ.
උතුරේ ජනතාව වෙනුවෙන් රජය ඉදිරියට ක්රියාත්මක කිරීමට සැළසුම් කර ඇති වැඩසටහන් පිළිබඳව ද ආණ්ඩුකාරවරිය සෝල්හයිම් මහතා දැනුවත් කළා.
The post උතුරේ ජනතාව ලබන නිදහස ප්රශංසනීයයි – එරික් සෝල්හයිම් appeared first on ITN News.