අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් නිවේදනයක්
පසුගියදා පාර්ලිමේන්තුවේ පැවති විවාදයකදී තමන් සම්බන්ධයෙන් ඇතැම් මන්ත්රීවරුන් අසත්ය ප්රකාශ සිදු කළ බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
පාස්කු ප්රහාරය ගැන පාර්ලිමේන්තුවේ විවාද කරමින් තමන් එක්තරා දේශපාලන පක්ෂයකට ඡන්දය ප්රකාශ කරන ලෙසට ඉල්ලීමක් කල බවට එම මන්ත්රීවරුන් සඳහන් කර තිබෙනවා.
මෙය සම්පූර්ණයෙන්ම අසත්ය බවයි අගරදගුරරු හිමිපාණන් සඳහන් කරන්නේ.
තමන් කිසි දිනක කිසිදු පක්ෂයකට ඡන්ද භාවිත කරන ලෙසට කිසිවෙකුගෙන් හෝ ඉල්ලා නැති බව උන්වහන්සේ පෙන්වා දෙනවා.
පාස්කු ප්රහාරයේ සත්ය පිළිබද විමර්ශන කරන බවට තමන්ට මෙතෙක් සහතික වී වැඩපිලිවෙලක් ඉදිරිපත් කර ඇති පක්ෂ ලෙස සමගි ජනබලවේගය හා ජාතික ජනබලවේගය හදුන්වාදුන් බව අගරදගුරු හිමිපාණන් ප්රකාශ කරනවා.
ඒ අයුරින් වෙනත් දේශපාලන පක්ෂවලට ද එසේ කිරීමට ඉඩකඩ ඇති බවයි මෙම නිවේදනයේ දැක් වෙන්නේ.
කෙසේ වුවද පාර්ලිමේන්තුව තුළ පදනම් විරහිත ලෙස තමන්ට චෝදනා නගමින් ඇතැම් මන්ත්රීවරුන් හැසිරුණු ආකාරය කණගාටුදායක බවයි අගරදගුරු හිමිපාණන් සිය නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
The post අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් නිවේදනයක් appeared first on ITN News.