අයහපත් කාලගුණය හේතුවෙන් ජම්මු හා කාශ්මීර් ප්රදේශයේ 5 දෙනෙකු ජීවිතක්ෂයට
ජම්මු කාශ්මීර් ප්රදේශයට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ජම්මු හා කාශ්මීර් ප්රදේශයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග නාය යාම් හා ගංවතුර තත්ත්වයක් හටගෙන තිබෙනවා.
ජම්මු කාශ්මීර ප්රාන්තයේ ප්රදේශ රැසක ජනතාව ඉන් පීඩාවට පත්ව සිටින බවයි ඉන්දීය මාධ්ය සදහන් කරන්නේ.
පුද්ගලයින් රැසක් තුවාල ලබා ඇති බව ද සහන කණ්ඩායම් සදහන් කරනවා.
සිය ගණනක පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමුකර ඇති අතර නිවාස රැසකට ද අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
The post අයහපත් කාලගුණය හේතුවෙන් ජම්මු හා කාශ්මීර් ප්රදේශයේ 5 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.