අතුරු ආබාධ ඇතිවන බව කොරෝනා එන්නත් නිෂ්පාදන සමාගමක් පිළිගනී
කොරෝනා වයිරසයට එරෙහි එන්නත් නිෂ්පාදනය කළ ඇස්ට්රා සෙනිකා සමාගම එම එන්නත භාවිතයෙන් අතුරු ආබාධ ඇතිවන බවට පිළිගෙන තිබෙනවා.
අතුරු ආබාධ ඇතිවීම සම්බන්ධයෙන් ඇස්ට්රා සෙනිකා සමාගමට එරෙහිව ගොනුකළ නඩුවක් විභාග කෙරෙන අතර එහිදී මෙම කරුණු අනාවරණය වී තිබෙනවා.
ඇස්ට්රා සෙනිකා සමාගම නිෂ්පාදනය කළ කොවිෂීල්ඩ් එන්නත ලබාගත් පුද්ගලයින් අතරින් කලාතුරකින් එක් අයෙකුට රුධිර කැටි ගැසීමේ අවදානමක් ඇතිවිය හැකි බවයි එම සමාගම සදහන් කර ඇත්තේ.
බ්රිතාන්යයේ පවුල් කිහිපයක් එම සමාගමට විරුද්ධව අධිකරණය ඉදිරියේ නඩු ගොනුකර ඇති අතර එන්නත භාවිතා කිරීමෙන් අනතුරුව විවිධ අතුරු ආබාධ හා මරණ සිදුවූ බව ඔවුන් එහිදී සදහන් කර තිබෙනවා.
The post අතුරු ආබාධ ඇතිවන බව කොරෝනා එන්නත් නිෂ්පාදන සමාගමක් පිළිගනී appeared first on ITN News.