වීසා දීම සමාගමකට පැවරීම කැබිනට්ටුවේ තීරණයක්
ශ්රී ලංකාවට පැමිණෙන විදේශිකයන් රටට ඇතුළු වීමේදී ඔන්එරයිවල් ක්රමය යටතේ වීසා නිකුත් කිරීමේ ක්රියාවලිය පෞද්ගලික ආයතනයකට ලබා දී ඇත්තේ කැබිනට් අනුමැතිය සහිතව බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
ඔන්එරයිවල් ක්රමය යතේ ගුවන්තොටුපොලේදී වීසා නිකුත් කිරීම මෙතෙක් සිදු කෙරුණේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ මූලිකත්වයෙනුයි.
එහෙත් වීසා නිකුත් කිරීමේදී අවශ්ය පහසුකම් සැපයීම වී එෆ් එස් ග්ලෝබල් සමාගමට පැවරිමත් සමග කටුනායක බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන්තොටුපොලේ වීසා ලබා ගැනීම සදහා දැඩි තදබදයක් නිර්මාණය වුණා.
උද්ගතවූ තත්ත්වය හමුවේ පෞද්ගලික සමාගමේ නිලධාරීන් මෙම සේවාවෙන් ඉවත් කර යළි ආගමන විගමන නිලධාරීන් යටතට පත්කිරීමත් සමග ගැටලුව විසදුනා. මෙම කාර්ය පෞද්ගලික ආයතනයකට පැවරීම සම්බන්ධයෙන් බොහෝ පාර්ශ්වවල අවධානය යොමුවුණා.
ඉන්දීය සමාගමකට එම කාර්යය පවරා ඇති බවටයි චෝදනා එල්ලවුණේ. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන මෙරට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සදහන් කරන්නේ කටුනායක බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන්තොටුපොලේදී වීසා නිකුත් කිරීමේ කාර්යය සම්බන්ධයෙන් චෝදනා එල්ලවන සමාගම ඉන්දීය එකක් නොවන බවයි.
සිද්ධිය පිළිබද නිවේදනයක් නිකුත් කරන රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජෙනරාල්වරයා සදහන් කරන්නේ වී එස් එෆ් ග්ලෝබල් සමාගමට මෙම කාර්යය ලබා දුන්නේ කැබිනට් අනුමැතිය ඇතිව බවයි.
2023 සැප්තැම්බර් 11 වනදා මීට අදාළ කැබිනට් පත්රිකාව මහජන ආරක්ෂක අමාත්ය ටිරාන් අලස් මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙනවා.
ඒ අනුව ප්රසම්පාදන ක්රමවේදය යටතේ අයදුම්පත් කැදවා සුදුසුම ආයතනයක් වෙත මෙම කාර්යය භාරදුන් බවයි රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජෙනරාල්වරයා සදහන් කරන්නේ.
The post වීසා දීම සමාගමකට පැවරීම කැබිනට්ටුවේ තීරණයක් appeared first on ITN News.