කොත්තු සහ ෆ්රයිඩ් රයිස් මිල අඩු වෙයි
ගෑස් මිල පහළ යාමත් සමඟ ආහාර වර්ග කිහිපයක මිල පහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
ඒ අනුව කොත්තුව සහ ෆ්රයිඩ් රයිස් එකක මිල රුපියල් 20කින් අඩුකළ බව එම සංගමයේ සභාපති හර්ශන රුක්ෂාන් මහතා පවසනවා.
මේ අතර කෙටි ආහාරවල මිල ගණන් ද රුපියල් 10කින් අඩු කර තිබේ.
ආහාර ද්රව්යවල මිල ගණන් අඩු කළත් ප්ලේන් ටී සහ කිරි තේ මිල ගණන් වෙනස් කර නොමැති බව ද එම සංගමය සඳහන් කළේය.
The post කොත්තු සහ ෆ්රයිඩ් රයිස් මිල අඩු වෙයි appeared first on ITN News.