ශ්රී ලංකාවේ මැයි දින සැමරුම්: ජීවිතයෙන් වන්දි ගෙවූ විරුවන් කවුද?
මෙම වතුකම්කරු ඉල්ලීම් ඇතුළුව ශ්රී ලංකවේ කම්කරුවන්ගේ ඉල්ලීම් ඈත අතීතයේ පටන් ඔවුන් දිනාගත් අයුරු සනිටුහන් වන මංසන්ධි ගණනාවක් ඉතිහාසය පිරික්සීමේ දී අපට දැකගත හැකි ය.ඇතැම් කම්කරුවන් සිය ජීවිතයෙන් පවා වන්දි ගෙවමින් පවත්වන ලද ශ්රී ලංකාවේ මැයි රැළි වල ඉතිහාසය සම්බන්ධයෙන් බීබීසී සිංහල සොයා බැලීමක් කළේය.