ලෝක මාධ්ය නිදහස පිළිබඳ දිනය: ලෝකය පුරා ජනමාධ්ය ප්රහාරයට ලක්වීමට බලපාන හේතු හතරක්
දේශසීමා රහිත වාර්තාකරුවෝ (Reporters without Borders) ආයතනය විසින් නිකුත් කරන ලද නවතම දත්ත අනුව ලෝකය පුරා මාධ්ය නිදහස වඩාත් තර්ජනයකට ලක්ව තිබේ. එහි වාර්ෂික මාධ්ය නිදහස පිළිබද දර්ශකය පවසන්නේ, සංඛ්යාත්මකව වැඩි වන රජයන් සංඛ්යාවක් මාධ්යවේදීන් ආරක්ෂා කිරීමට අපොහොසත් වී ඇති බැවින්, ශ්රේණිගත කිරීම්වලට ඇතුළත් රටවලින් 75%ක මාධ්ය සඳහා ඇති පරිසරය "නරක" බවය.