මාතර මහ රෝහලට නවීන CT ස්කෑනර් යන්ත්රයක්
මාතර මහ රෝහලට රුපියල් මිලියන 200ක් වටිනා නවීන සීටී ස්කෑනර් යන්ත්රයක් ලබාදීමට කටයුතු කෙරුණා.
මාතර මහ රෝහලේ වසර 17ක් පැරණි සීටී ස්කෑනර් යන්ත්රය වෙනුවට මෙම නව යන්ත්රය ලබාදීම සිදුකෙරුණේ අමාත්ය රමේෂ් පතිරණ මහතාගේ ප්රධානත්වයෙන්.
රෝහලේ සුලු සංවර්ධන කටයුතු සදහා රුපියල් මිලියන 20ක් ලබාදීමට ද කටයුතු කෙරුණා.
අක්කර 8ක භූමි භාගයක පිහිටි මාතර දිස්ත්රික් මහ රෝහලේ ඇදන් ධාරිතාව 851ක්.
වාට්ටු හා රෝගී ඒකක 32කින් සමන්විත මෙහි ඉදිරි කටයුතු සඳහා ලබන වසරේ රුපියල් බිලියනයක මුදලක් ලබාදීමට කටයුතු කරන බවයි වත්මන් ප්රතිකාර සේවා පිළිබද ප්රගති සමාලෝචන රැස්වීමට එක්වෙමින් අමාත්ය රමේෂ් පතිරණ මහතා මෙහිදී වැඩිදුරටත් කියාසිටියේ.
අමාත්ය කංචන විජේසේකර මහතා ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.
මේ අතර ගාල්ල අක්මීමන ආසනයේ තල්ගස්යාය පුවක්ගස් හේන මාර්ගය ප්රතිසංස්කරණය කිරීම ද අමාත්ය රමේෂ් පතිරණය මහතාගේ ප්රධානත්වයෙන් ආරම්භ කෙරුණා.
The post මාතර මහ රෝහලට නවීන CT ස්කෑනර් යන්ත්රයක් appeared first on ITN News.