හමුදාව හැර ගිය 9,770කට පොදු සමාව
නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටි යුද හමුදා සාමාජිකයින් 9770 දෙනෙකු පොදු සමා කාලයේ සති දෙකක් තුළ සේවයෙන් ඉවත් කර තිබෙනවා.
යුද හමුදාවේ නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින සාමාජිකයින්ට නීත්යානුකුලව සේවයෙන් ඉවත්විමට අප්රේල් 20 වනදා සිට ක්රියාත්මක වන පරිදි මාසයක පොදු සමා කාලයක් ප්රකාශයට පත්කෙරුණා.
එය පසුගිය 20 වනදා අවසන් වු අතර එම කාලය තුළ සේවයට වාර්තා නොකර සිටි යුද හමුදා සාමාජිකයින් 9735 දෙනෙකු සේවයෙන් ඉවත් කිරීම සිදුකර තිබෙනවා.
සේවයට වාර්තා නොකර දැනට විදේශගතව සිටින යුද හමුදා සාමාජිකයන් 35 දෙනෙකු ද මෙම කාල සීමාව තුළ යුද හමුදා සේවයෙන් නීත්යානුකුලව ඉවත් කළ බව ද යුද හමුදා මූලස්ථානය පවසනවා.
The post හමුදාව හැර ගිය 9,770කට පොදු සමාව appeared first on ITN News.