සතිමත් බව වර්ධනය කිරීමේ වැඩසටහනක් කළුතර පොලිස් විද්යාලයේ දී
පොලිස් නිලධාරීන්ගේ මානසික තත්ත්වය ඉහළ නැංවීම වෙනුවෙන් සතිමත් බව වර්ධනය කිරීමේ වැඩසටහනක් කළුතර පොලිස් විද්යාලයේ දී පැවැත්වුණා.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ද එම අවස්ථාවට එක්ව සිටියා.
පොලිස්පතිවරයාගේ සංකල්පයකට අනුව ප්රජා පොලිස් කොට්ඨාසයේ සම්බන්ධීකරණයෙන් පොලිස් නිලධාරීන්ගේ සතිමත් බව වර්ධනය කිරීමේ වැඩසටහන් දීපව්යාප්තව ක්රියාත්මක කෙරෙනවා.
සතිමත් බව වර්ධනය කිරීමේ වැඩසටහන් වල නිර්මාතෘ පූජ්ය උඩඊරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේ ප්රමුඛ ස්වාමීන් වහන්සේ සිව් නමකගේ සහභාගිත්වයෙන් කළුතර පොලිස් විද්යාලයේදී ද එම වැඩසටහනක් පැවැත්වුණා. සතිමත් බව වර්ධනය කිරීමේ වැඩසටහන් කිහිපයක්ම මෙහිදී ක්රියාත්මක කෙරුණා.
The post සතිමත් බව වර්ධනය කිරීමේ වැඩසටහනක් කළුතර පොලිස් විද්යාලයේ දී appeared first on ITN News.