කටුනායක ගුවන් තොටුපොළේ දී මැණික් තොගයක් අත්අඩංගුවට
මැණික් තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටින් රැගෙනයාමට තැත්කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට ගුවන්තොටුපොළ ආරක්ෂක අංශ සමත්ව තිබෙනවා.
මොහු බේරුවල ප්රදේශයේ 40 හැවිරිදි ව්යාපාරිකයෙකි .
ශ්රී ලන්කන් ගුවන් යානා අංක UL127 දරණ ගුවන් යානයෙන් ඉන්දියාවේ චෙන්නායි බලායාමට උත්සාහ කිරීමේදී සැකකාර මගියා මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.
සැකකාර මගියාගේ ගමන් මල්ලේ තිබී ග්රෑම් 482.02 ක් බර විවිධ වර්ගයේ මැණික් ගල් තොගයක් සොයාගෙන ඇත.
කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් මෙම ව්යාපාරිකයා අත්අඩංගුවේ තබා ගෙන මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ .
The post කටුනායක ගුවන් තොටුපොළේ දී මැණික් තොගයක් අත්අඩංගුවට appeared first on ITN News.