ග්රාම නිලධාරීන් අද සහ හෙට ලෙඩවෙයි
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අද (06) සහ හෙට (07) දිනයේ වෘත්තීය සමිති ක්රියාමර්ගයකට එළැඹීමට තීරණය කර ඇතැයි ශ්රී ලංකා ග්රාම නිලධාරී සංගමය පවසයි.
දිවයිනම ආවරණය වන පරිදි රාජකාරීවලින් ඉවත් වී ලෙඩ නිවාඩු වාර්තා කරමින් එම වෘත්තීය ක්රියාමාර්ගයේ නිරත වන බව එම සංගමය සඳහන් කළේය.
සේවා ව්යවස්ථාව ස්ථාපිත කිරීම, කාර්යාල , නිල ඇඳුම්, ලිපි ද්රව්ය, ගමන් වියදම් විධිමත් පරිදි ලබා ගැනීම මෙම වර්ජනයේ ප්රධාන අරමුණ බවයි වාර්තා වෙන්නේ.
The post ග්රාම නිලධාරීන් අද සහ හෙට ලෙඩවෙයි appeared first on ITN News.