සංවිධානාත්මක අපරාධකල්ලියක ප්රබල සාමාජිකයන් 4 දෙනෙකු අත්අඩංගුවට
සංවිධානාත්මක අපරාධකල්ලියක ප්රබල සාමාජිකයන් 4 දෙනෙකු ගිනි අවි සහ මත්ද්රව්ය සමඟ මෝදර පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තා.
යුක්තිය මෙහෙයුම යටතේ මෝදර පොලිසිය විසින් විශේෂ මෙහෙයුමක් ක්රියාත්මක කෙරුණා.
එහිදී ටී 56 ගිනි අවියක්, උණ්ඩ 265ක්, ටී 56 මැගසින් දෙකක් ඇතුළු උපකරණ රැසක් ද පොලිසිය සොයාගෙන තිබෙනවා.
සැකකටයුතු පුද්ගලයින් දෙදෙනෙකු ත්රී රෝද රථයක සිට පොලිසිය විසින් අත්අඩංගුවට ගැනුණා.
ඔවුන් පරික්ෂා කිරීමේදී හෙරොයින් ග්රෑම් 25යි මිලිග්රෑම් 300ක් ද සොයාගෙන තිබෙනවා.
ඔවුන්ගෙන් කළ ප්රශ්න කිරීම්වලදී තාවකාලිකව පදිංචිව සිටි රාගම තේවත්ත පාරේ නිවසක සගවා තිබූ ගිනි අවි ඇතුළු උපකරණ පොලිසිය සොයා ගත්තා.
එම නිවසේ තිබූ යතුරුපැදි දෙකක්ද පොලිස් භාරයට ගැනුණු අතර ඒවා අපරාධයක් සදහා යොදාගෙන ඇති බවට සැක කෙරෙනවා.
මෙම සැකකරුවන් ඩුබායි රාජ්යයේ සැගව සිටින බ්ලූ මැන්ඩල් රවී, සමීර සංඛ යන අපරාධකල්ලි සාමාජිකයින්ගේ ගෝලයින් බවටයි හදුනාගෙන තිබෙන්නේ.
The post සංවිධානාත්මක අපරාධකල්ලියක ප්රබල සාමාජිකයන් 4 දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.