බ්රිතාන්යයේ ඉන්දු පැසිපික් අධ්යක්ෂ අනුර කුමාර හමුවෙයි
බ්රිතාන්යයේ විදේශ, පොදු රාජ්ය මණ්ඩලීය සහ සංවර්ධන කාර්යාලයේ ඉන්දු පැසිපික් කලාපීය අධ්යක්ෂ බෙන් මෙලර් මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් ජනතා විමුක්ති පෙරමුණ ප්රධාන කාර්යාලයේදී අද (6) පස්වරුවේ පැවත්වී තිබෙනවා
මෙම හමුව සඳහා බි්රතාන්යයේ විදේශ, පොදු රාජ්ය මණ්ඩලීය සහ සංවර්ධන කාර්යාලයේ ශ්රී ලංකා ප්රධානී හුමයිරා හාෂියා මහත්මිය සහ ශ්රී ලංකාවේ බ්රිතාන්ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්රික් මහතා, එහි පළමු ලේකම් ටොම් සොපර් මහතා සහ ජාතික ජන බලවේගය වෙනුවෙන් ජාතික විධායක සභික විජිත හේරත් මහතා එක්ව සිටියා
ශ්රී ලංකාවේ වත්මන් ආර්ථික සහ දේශපාලන තත්වය, කලාපීය භූ දේශපාලන අභියෝගකාරී තත්වයන් සහ එක්සත් රාජධානිය හා ශ්රී ලංකාව අතර සහයෝගීතාව පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවයි වාර්තා වුණේ.
The post බ්රිතාන්යයේ ඉන්දු පැසිපික් අධ්යක්ෂ අනුර කුමාර හමුවෙයි appeared first on ITN News.