පොලිස් නිලධාරීන් තිදෙනෙකු අත්අඩංගුවට
කොට්ටාව පොලිස් ස්ථානයට අනුයුක්ත නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
රුපියල් ලක්ෂ 2ක අල්ලස් මුදලක් ලබාගැනීමේ චෝදනාව යටතේ මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.
පොලීසිය පවසන්නේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොට්ටාව පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරියේ නිරතව සිටි සැරයන්වරයෙකු සහ කොස්තාපල්වරයෙකු බවය.
The post පොලිස් නිලධාරීන් තිදෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.