පොදු සමා කාලයේ පළමු සති 03 තුළ යුද හමුදාවේ 12,066ක් සේවයෙන් ඉවතට
නිවාඩු නොමැතිව සේවය වාර්තා නොකර සිටි යුද හමුදා සාමාජිකයන් දෙළොස්දහස් හැට හය දෙනෙකු පොදු සමා කාලයේ සති තුනක් තුළ සේවයෙන් ඉවත් කර ඇති බව යුද හමුදා මූලස්ථානය පවසනවා.
නිවාඩු නොලබා සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයින්ට සේවයෙන් නීත්යානුකූලව ඉවත් වීම සදහා මාසයක පොදු සමා කාලයක් ප්රකාශයට පත් කෙරුණා.
අප්රේල් 20 වනදා සිට මැයි 20 වනදා දක්වා වූ එම පොදු සමාකාලය තුළ සති තුනක් අවසානයේ එනම් මැයි 11 වනදා වන විට සේවයට වාර්තා නොකර සිටි යුද හමුදා සාමාජිකයින් 11,985 දෙනෙකු නීත්යානුකූලව සේවයෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා.
නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර දැනට විදෙස් ගතව සිටින යුද හමුදා සාමාජිකයින් 81 දෙනෙකු ද එම කාල සීමාව තුළ යුද හමුදා සේවයෙන් නීත්යානුකූලව ඉවත් කිරීමට කටයුතු කර ඇති බවයි යුද හමුදා මූලස්ථානය නිවේදනය කරන්නේ.
The post පොදු සමා කාලයේ පළමු සති 03 තුළ යුද හමුදාවේ 12,066ක් සේවයෙන් ඉවතට appeared first on ITN News.