ඉන්දුනීසියාවේ බස් රථ අනතුරකින් 11ක් මරුට
ඉන්දුනීසියාවේ බටහිර ජාවා පළාතේ සිදුවූ බස්රථ අනතුරකින් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තිබෙනවා.
බස්රථයේ තිරිංග ක්රියාවිරහිත වී මෝටර් රථ සහ යතුරුපැදි කිහිපයක ගැටී අනතුර සිදුව ඇති බවයි විදෙස් මාධ්ය වාර්තා කරන්නේ.
අනතුරින් පුද්ගලයින් 53 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.
මෙම අනතුරින් මියගිය පුද්ගලයින් බොහෝ දෙනෙකු, උපාධි ප්රදානෝත්සවයකට සහභාගීවීමට යමින් සිටි සිසුන් පිරිසක් බවයි වාර්තා වන්නේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ද ආරම්භ කර තිබෙනවා.
The post ඉන්දුනීසියාවේ බස් රථ අනතුරකින් 11ක් මරුට appeared first on ITN News.