වැටුප් වැඩි කිරීමට එරෙහිව වතු සමාගම් අධිකරණ ක්රියාමාර්ග ගතහොත් ඊට මුහුණ දීමට සූදානම් 

- itnnews.lk

වතු කම්කරු ප්රජාවේ වැටුප් වැඩිකිරීම සඳහා රජය ගෙන ඇති තීරණයට එරෙහිව වතු සමාගම් අධිකරණ ක්රියාමාර්ග ගතහොත් ඒ සඳහා මුහුණ දීමට සූදානම් බව ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්ය ජීවන් තොන්ඩමන් මහතා පවසනවා.

එසේම වතු කම්කරුවන්ගේ මූලික වැටුප රුපියලකින් හෝ ඉහළ දැමීමට නොහැකි බව මීට පෙර වතු සමාගම් පැවසුවත් රජය රුපියල් 1700ක දෛනික වැටුප නිවේදනය කිරීමත් සමඟ වතු කම්කරු මූලික වැටුප රුපියල් 200කින් ඉහළ දැමීමට වතු සමාගම් ඉදිරිපත් වූ බව සඳහන් කළ අමාත්යවරයා ඉන් පෙන්නුම් කරන්නේ වතු කම්කරු වැටුප් ඉහළ දැමීමේ හැකියාව සමාගම් සතු බව යැයි ද සඳහන් කළා

ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්ය ජීවන් තොන්ඩමන් මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (13) ජනාධිපති මාධ්ය කේන්ද්රයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්යවරයා

කාලයක් තිස්සේ යාපනය අර්ධද්වීපයේ පානීය ජල අවශ්යතාව සම්බන්ධව බරපතල ගැටළුවක් පවතිනවා. මෙම ගැටළුවට කඩිනමින් විසඳුම් සැපයීමට අවශ්යයි. දැනට යාපනය අර්ධද්වීපයේ පිරිසිදු පානීය ජලය සඳහා පහසුකම් ඇත්තේ 11% ක පමණ ප්රමාණයකටයි.

නමුත් මේ වන විට ඉදි කෙරෙමින් පවතින ලවණ ඉවත් කිරීමේ බලාගාරය විවෘත කිරීමෙන් පසු යාපනය අර්ධද්වීපයෙන් 40% කට ආසන්න ප්රමාණයකට පිරිසිදු පානීය ජලය ලබා ගත හැකි වනවා. එබැවින් මෙය ඉතා හොඳ ප්රවණතාවක් ලෙස සැලකිය හැකියි.

පසුගිය සමයේ පැවති දරුණු ආර්ථික අර්බුදයට රටේ සියලුම ජනතාව මුහුණ දුන්නා. එහිදී වඩාත් පීඩාවට පත්වූ ජන කොටසක් ලෙස වතු කම්කරු ජනතාව හඳුන්වා දිය හැකියි. ඔවුන් කාලයක් තිස්සේ ආර්ථික අර්බුදයෙන් පීඩා විඳිනවා. එහිදී වැටුප් ප්රශ්නය මූලිකයි.

කාලයක් තිස්සේ සාකච්ඡා කළත් වතු කම්කරු ජනතාවගේ වැටුප් ප්රශ්නයට විසඳුමක් ලැබුනේ නැහැ. ඒ නිසා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ප්රමුඛ රජය වතු කම්කරු ජනතාව සඳහා රුපියල් 1700ක දෛනික වැටුපක් ගැසට් කළා. දැන් එම ගැසට් නිවේදනයට අනුව වතු සමාගම් කටයුතු කිරීම අත්යවශ්යයි.

වතු කම්කරු ප්රජාවගේ වැටුප් වැඩිකිරීම සඳහා රජය ගෙන ඇති තීරණයට එරෙහිව වතු සමාගම් අධිකරණ ක්රියාමාර්ග ගතහොත් ඒ සඳහා මුහුණ දීමට අප සූදානම් බව ද මෙහිදී අවධාරණය කළ යුතුයි.

වතු සමාගම් මීට ඉහත සඳහන් කළේ වතු කම්කරු ජනතාවගේ මූලික වැටුප රුපියලකින් හෝ ඉහළ දැමීමට නොහැකි බවයි. නමුත් රජය වතු කම්කරු ප්රජාවගේ දෛනික වැටුප රුපියල් 1700ක් ලෙස ගැසට් නිවේදනය නිකුත් කිරීමත් සමඟ වතු කම්කරු ප්රජාවගේ මූලික වැටුප රුපියල් 200කින් ඉහළ දැමීමට වතු සමාගම් ඉදිරිපත් වුණා. එයින් පෙන්නුම් කරන්නේ වතු කම්කරු ප්රජාවගේ වැටුප් ඉහළ දැමීමේ හැකියාව සමාගම් සතුව තිබූ බවයි.

මේ ආකාරයට රජය එක් පසෙකින් වතු කම්කරු ප්රජාවගේ නිවාස ගැටළුව විසඳමින්, අධ්යාපන ඇතුළු අනෙකුත් අවස්ථා පුළුල් කරමින් අප ප්රජාවගේ ජන ජීවිතය ඉහළ දැමීමට කටයුතු කරන අතර අනෙක් පසින් වැටුප් ද වැඩිකර තිබෙනවා. ඒ අනුව පැහැදිලි සේවාවක් අපේ ජනතාවට ඉටුකර තිබෙනවා.

නමුත් මැතිවරණ සමය ළඟාවන විට ඇතැම් පක්ෂ අප ජනතාවට විවිධ පොරොන්දු ලබාදෙනවා. වතු ජනතාව කුඩා වතු හිමියන් කරන බවට ඇතැමුන් පවසනවා. නමුත් එම කටයුත්ත සිදුකරන යාන්ත්රණය කුමක් ද කියා ඔවුන් පවසන්නේ නැහැ.

The post වැටුප් වැඩි කිරීමට එරෙහිව වතු සමාගම් අධිකරණ ක්රියාමාර්ග ගතහොත් ඊට මුහුණ දීමට සූදානම්  appeared first on ITN News.

You may also like

- news.lk

Foreign Minister Ali Sabry who is currently in Russia to participate in the BRICS 2024 Foreign Ministerial Session with developing countries had a bilateral meeting with Russian Foreign Minister Sergey Lavrov yesterday (10).

- news.lk

Minister of Transport, Highways and Mass Media, Dr. Bandula Gunawardena stressed the necessity of adhering to the loan agreements with the International Monetary Fund (IMF) until 2028 while formulating the budget for the upcoming year 2025, regardless of the governing administration.

- news.lk

President Ranil Wickremesinghe, currently in New Delhi, held a meeting yesterday (10) with Indian Senior Minister Dr. S. Jaishankar. During the meeting, Mr. Jaishankar addressed the swift resumption of development projects initiated in Sri Lanka with Indian investments, which had been halted midway.

- news.lk

Bangladesh Prime Minister Sheikh Hasina has assured President Ranil Wickremesinghe of Bangladesh’s commitment to support Sri Lanka’s agricultural modernization program.

- adaderana.lk

A 31-year-old woman has been found attacked with sharp weapons and murdered inside a house in the Thalahena area of Thalangama this morning (11).

- adaderana.lk

Four American educators from a small Iowa university were injured in a stabbing attack in a public park in northeast China s Jilin province on Monday, according to U.S. media and U.S. government officials.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc