ශ්රී ලංකාව ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් ලෙස ප්රවර්ධනය කිරීමේ වැඩපිළිවෙලක් ඇමෙරිකාවේ දී
ශ්රී ලංකාව ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් ලෙස ප්රවර්ධනය කිරීමේ වැඩපිළිවෙලක් ඇමෙරිකාවේ ශ්රී ලංකා තානාපති කාර්යාලය සංවිධාන කර තිබෙනවා.
මේ යටතේ පාස්පෝට් ඩී සී 2024 යනුවෙන් සංවිධාන කළ මෙම උත්සවයක් ඇමෙරිකාවේ ශ්රී ලංකා තානාපති කාර්යාලයේ දී පැවැත්වුණා.
තානාපති මහින්ද සමරසිංහ මහතාගේ උපදෙස් මත සංවිධාන කළ මෙම අවස්ථාවට ඇමෙරිකානුවන් 5000කට අධික පිරිසක් පැමිණ තිබෙනවා.
ශ්රී ලංකාවේ සුන්දරත්වය නමින් සංවිධාන කර තිබු ඡායාරූප ප්රදර්ශනය බොහෝ දෙනාගේ අවධානය දිනා ගත්තා. පැමිණි සිටි පිරිසට ශ්රී ලංකාවට ආවේණික විවිධ ආහාර වර්ගවලින් සංග්රහ කෙරුණා.
ශ්රී ලාංකික සාම්ප්රදායික ඇදුමින් සැරසී ඡායාරූප ගැනීමට අවස්ථාව සලසාදීම ඇමෙරිකානුවන්ගේ සිත්ගත් අංගයක් වුණා. සංස්කෘතිකාංගවලින් සමන්විත ප්රසංග ඇතුලු තවත් අංග රැසකින් මෙම උත්සවය සමන්විත වුණා.
The post ශ්රී ලංකාව ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් ලෙස ප්රවර්ධනය කිරීමේ වැඩපිළිවෙලක් ඇමෙරිකාවේ දී appeared first on ITN News.