onareddak.lk වෙබ් අඩවිය ජනගත කෙරේ
දේශීය පාරිභෝගිකයාට ගුණාත්මක තත්ත්වයෙන් උසස් භාණ්ඩ සාධාරණ මුදලකට මිලදී ගැනීමේ අවස්ථාව උදාකරමින් ඕන රෙද්දක් ඩොට් එල් කේ වෙබ් අඩවිය ජනගත කෙරුණා.
දිවයින පුරා විසිරුණු නිර්මාණශීලීව ව්යාපාර කටයුතු සිදුකරන ව්යාපාරිකයින් නගාසිටුවීම මෙහි අරමුණයි.
නැති දෙයක් නැති තැනක් යන තේමාව යටතේ මෙම වෙබ් අඩවිය සිය කටයුතු සිදුකරනවා.
මෙරට නිෂ්පාදන ලෝකයට හදුන්වාදීම මෙන්ම තරගකාරීත්වය ඇති කිරීම වෙබ් අඩවිය තුළින් සිදුකළ හැකි බවටයි සංවිධායකයින් පවසන්නේ. ඕනෑම අයෙකුට ගුණාත්මක භාණ්ඩ මෙන්ම අතේ ඇති මිලට මිලදී ගැනීමේ අවස්ථාව ද මේ තුළින් උදාකර තිබෙනවා.
The post onareddak.lk වෙබ් අඩවිය ජනගත කෙරේ appeared first on ITN News.