නැවතුණු වැඩ පටන් ගන්න ලැබුණු අනුමැතිය
අතරමග නතර වී ඇති ග්රාමීය සංවර්ධන කාර්යයන් කඩිනමින් අවසන් කිරීම සඳහා පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.
කඩිනමින් සංවර්ධනය විය යුතු යැයි හඳුනාගත් ක්ෂෙත්ර සඳහා 2024 අයවැය මගින් යෝජනා පනහක් යටතේ රුපියල් බිලියන 212.59ක ප්රතිපාදන අමාත්යංශ කිහිපයක් වෙත වෙන් කර තිබෙනවා.
ජනාධිපති කාර්යාලය යටතේ ප්රතිපාදන වෙන් කරනු ලැබ ඇති වැඩසටහන් වලින් අපේක්ෂිත ඉතුරුම් අරමුදල් ග්රාමීය මට්ටමින් ක්රියාත්මක වන අත්යවශ්ය සංවර්ධන අරමුදල් හා අතරමග නවතා දමා ඇති ග්රාමීය සංවර්ධන කාර්යයන් නිම කිරීම සඳහා යොදා ගැනීම පිණිස පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.
The post නැවතුණු වැඩ පටන් ගන්න ලැබුණු අනුමැතිය appeared first on ITN News.