සිසු සැරිය සඳහා තවත් බස්රථ 500 ක්
ලබන වසරේ සිසුසැරිය සඳහා බස්රථ 500 ක් වැඩි කර , සිසුසැරිය බස්රථ 2,000 දක්වා වැඩි කිරීමට පියවර ගන්නා බවත්, මේ සම්බන්ධව තමා ජාතික ගමනාගමන කොමිෂන් සභාව සමඟ සාකච්ඡාවක් පැවැත් වූ බවත් ජනමාධ්ය, ප්රවාහන හා මහාමාර්ග අමාත්ය, කැබිනට් ප්රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද(14) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්ය සාකච්ඡාවේ දී මාධ්යවේදියෙකු නැඟු පැනයකට පිලිතුරු වශයෙන් ඒ මහතා මේ බව ප්රකාශ කළා
මේ වන විට සිය අමාත්යංශය ඉතා විශාල සහනාධාර පිරිවැයක් පාසල් සිසුන්ගේ සීසන් ටිකට් පත වෙනුවෙන් හා සිසු සැරිය වෙනුවෙන් දරණ බවත්, සිසු සැරිය බස්රථ 1,500 ක් දිවයින පුරා මේ වන විට ධාවනය වෙන අතර ඒ බස්රථ වලට ගෙවීමට භාණ්ඩාගාරය 2024 වසරට රුපියල් මිලියන 2,000 ක මුදලක් ලබා දී තිබෙන බවත් අමාත්යවරයා මෙහි දී අවධාරණය කළා.
The post සිසු සැරිය සඳහා තවත් බස්රථ 500 ක් appeared first on ITN News.