නායයෑම් අනතුරු ඇඟවීමක්
ප්රදේශ රැසකට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිතිබෙනවා
ඒ් අනුව බදුල්ල, මහනුවර, කෑගල්ල, රත්නපුර යන දිස්ත්රික්කවල අවදානම් ප්රදේශ සඳහා පළමු අදියරේ නායයෑම් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා
වැඩි විස්තර පහතින්,
එමෙන්ම ඉදිරි පැය 36ට අදාළව බස්නාහිර, මධ්යම, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවල මිලිමීටර් 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසනවා.
එසේම ශ්රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ වර්ධනය වී පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බවද එහි වැඩිදුරටත් දැක්වෙනවා.
දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 1න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එහි සඳහන්
බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්රදේශවල උදෑසන කාලයේදීත් වැසි ඇතිවිය හැකියි.
මේ අතර ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් ඇතිවිය හැකි අනතුරු අවම කරගන්නා ලෙස කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
The post නායයෑම් අනතුරු ඇඟවීමක් appeared first on ITN News.