හෙරොයින් සමඟ කුඩු ශිරෝ අත්අඩංගුවට
රුපියල් ලක්ෂ 80 ක් වටිනා හෙරොයින් සමඟ බොරැල්ලේ කුඩු ශිරෝ නමින් හැඳින්වෙන මත්කුඩු ජාවාරම්කාරිය අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසය සමත් වුණා.
සංවිධානාත්මක අපරාධ මැඩලීම සඳහා ක්රියාත්මක මෙහෙයුමට සමගාමීව කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරින් බොරැල්ල සරණපාල මාවතේ වැටලීමක් සිදු කළා.
එහිදී බොරැල්ල සරණපාල මාවතේ පදිංචි කුඩු ශිරෝ නැමැති අන්වර්ථනාමයෙන් පදිංචි තෙල්ලමුරේ ආරච්චිලාගේ ශිරෝමාලා නැමැත්තිය හෙරොයින් මිලිග්රෑම් 3180 ක් සමග අත්අඩංගුවට ගැනුණා.
ඇයගේ ගිණුම් පරික්ෂා කිරීමේදී රුපියල් හැත්තෑ නව ලක්ෂ පනස් දහසක මුදලක් තිබූ බවත් එම මුදල් ඉපැයූ ආකාරය අනාවරණය කිරීමට සැකකාරිය අපොහොසත් වූ බවත් පොලීසිය පවසනවා.
ඇය අන්තර්ජාලය ඔස්සේ ඊසි කෑෂ් ක්රමයට ප්රදේශ ගණනාවක මත්ද්රව්ය අලෙවිය සිදු කර ඇති බවයි විමර්ශනවලදී හෙළි වුණේ.
The post හෙරොයින් සමඟ කුඩු ශිරෝ අත්අඩංගුවට appeared first on ITN News.