ගංවතුර අවම කිරීම සඳහා විශේෂ ව්යාපෘති 7ක්
කොළඹ හා තදාසන්න ප්රදේශවල ගංවතුර අවම කිරීම සඳහා විශේෂ ව්යාපෘති 7ක් කඩිනමින් ක්රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.
කොළඹ ඇළ මාර්ග නඩත්තුවට ද රුපියල් මිලියන 295ක් වෙන්කර ඇති බවයි අමාත්ය ප්රසන්න රණතුංග මහතා පවසන්නේ.
කොළඹ හා ඒ අවට ප්රදේශවල ගංවතුර තත්ත්වය අවම කිරීමට ක්රියාත්මක ව්යාපෘති කඩිනම් කරන්නැයි අමාත්ය ප්රසන්න රණතුංග මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නා.
අදියර 3ක් යටතේ විශේෂ ව්යාපෘති 7ක් ක්රියාත්මක බවයි අමාත්යවරයා වැඩිදුරටත් පවසන්නේ.
ඉන් ව්යාපෘති දෙකක් මෙම වසරේ අවසන් කිරීමට අපේක්ෂිතයි.
ඒ පිළියන්දල ප්රධාන සංවර්ධන සැලැස්මේ ජලාපවහන වැඩිදියුණු කිරිමේ ව්යාපෘතිය හා බත්තරමුල්ල ජලපෝෂක ප්රදේශයේ ජලාපවහන හා පාරිසරික වැඩිදියුණු කිරිමේ ව්යාපෘතියයි.
ප්රධාන ඇළ මාර්ග කිලෝ මීටර් 44ක් නඩත්තුව වෙනුවෙන් රුපියල් මිලියන 295ක් ද වෙන් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
The post ගංවතුර අවම කිරීම සඳහා විශේෂ ව්යාපෘති 7ක් appeared first on ITN News.