නියාමකවරියක් ඝාතනයට ජේලර්වරියකගෙන් කොන්ත්රාත්තුවක්
ගාල්ල බන්ධනාගාරයේ ජේලර්වරියක එම බන්ධනාගාරයේම නියාමකවරියක ඝාතනය කිරීමේ කොන්ත්රාත්තුවක් රැඳවි කාන්තාවකට ලබා දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ගාල්ල පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.
ගාල්ල පොලීසියේ සුළු පැමිණිලි අංශයට ලැබුණ පැමිණිල්ලකට අනුවයි මෙම විමර්ශන කෙරෙන්නේ.
අදාල බන්ධනාගාර නියාමකවරිය එම පැමිණිල්ල මගින් පවසා ඇත්තේ කොන්ත්රාත්තුව ලබා දුන් බව කියන රැඳවි කාන්තාව මේ බව තවත් කාන්තාවකට පවසා ඇති බවයි.
අදාළ රැඳවි කාන්තාව පාතාලයට අයත් ගිනි අවි ආරක්ෂා කිරීම හා ළඟ තබා ගැනීමේ චෝදනා මත බන්ධනාගාර ගත වී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.
උසස්වීම්වලට බාධා කිරීමේ සිද්ධියක් මෙම ඝාතන කොන්ත්රාත්තුව ලබාදීමට හේතු වී ඇති බවයි පොලීසිය පවසන්නේ.
The post නියාමකවරියක් ඝාතනයට ජේලර්වරියකගෙන් කොන්ත්රාත්තුවක් appeared first on ITN News.