අතේ ප්රශ්නෙට දුමින්දට ලැබුණු තීන්දුව
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස අමාත්ය විජයදාස රාජපක්ෂ මහතා පත්කිරීම අභියෝගයට ලක්කරමින් වැඩබලන මහලේකම් දුමින්ද දිසානායක මහතා ඉදිරිපත් කළ නඩුවට අදාළ වාරණ නියෝගය පිළිබඳව කරුණු සලකා බැලීමට කොළඹ දිසා අධිකරණය අද අවසර ලබාදුන්නා.
මෙම පත්වීමට අදාළව කඩුවෙල දිසා අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.
ඒ හේතුවෙන් පැමිණිලිකරු ඉල්ලා සිටින වාරණ නියෝගය නිකුත් කළ නොහැකි බවට විජයදාස රාජපක්ෂ මහතාගේ නීතිඥවරුන් ඊයේ දිනයේ විරෝධතා මතුකළා.
මෙම විරෝධතාවලට අගති රහිතව දුමින්ද දිසානායක මහතා ඉල්ලා සිටින වාරණ නියෝගය සම්බන්ධයෙන් තවදුරටත් කරුණු ඉදිරිපත් කිරීමට ඒ මහතාගේ නීතිඥවරුන්ට අවසර ලබාදෙන බව නියෝගයේ සඳහන්.
The post අතේ ප්රශ්නෙට දුමින්දට ලැබුණු තීන්දුව appeared first on ITN News.