දකුණු ආසියාවේ අලුත්ම නීති පද්ධතියක් ක්රියාත්මක වන එකම රට ශ්රී ලංකාවයි – ජනපති
පසුගිය වසර 02තුළ පමණක් නව නීති 75ක් සම්මත කර ගැනීමට රජය කටයුතු කළ බවත්, ඒ අනුව දකුණු ආසියාවේ අලුත්ම නීති පද්ධතියක් ක්රියාත්මක වන එකම රට බවට ශ්රී ලංකාව පත්ව ඇති බවත් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසනවා
දූෂණය පිටුදැකීම වෙනුවෙන් ද විප්ලවීය පියවර රැසක් ගෙන ඇති බවයි ඒ මහතා සඳහන් කළේ .
තෙල්දෙණිය නව උසාවි සංකිර්ණය විවෘත කිරීමේ අවස්ථාවට අද (15) පෙරවරුවේ එක් වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පලකලා.
ආණ්ඩුව හොරු ආරක්ෂා කරන බවට ඇතැමුන් චෝදනා නැගුවද හොරු ඇල්ලීම වෙනුවෙන් ආණ්ඩුව පසුගිය වසර දෙක තුළ නව නීති රැසක් ගෙන ආ බවයි ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පැවසුවේ.
දුෂණය දේශපාලන සටන් පාඨයක් කර ගත් යුගය නිමා කර නව දේශපාලන සංස්කෘතියක් රට තුළ ගොඩනගන බවද ජනාධිපතිවරයා සඳහන් කළා
The post දකුණු ආසියාවේ අලුත්ම නීති පද්ධතියක් ක්රියාත්මක වන එකම රට ශ්රී ලංකාවයි – ජනපති appeared first on ITN News.