පුටින් චීනේ යන්න හදයි
රුසියා ජනාධිපති ව්ලැඩිමිර් පුටින් චීනයේ විශේෂ සංචාරයක නිරත වීමට සුදානම් වනවා.
රුසියා ජනාධිතිවරයා මෙම මස 16 / 17 යන දිනයන් හිදී චීන සංචාරය සිදුකිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
චීනය හා රුසියාව අතර සීමා නොමැති සබදතා තවදුරටත් වර්ධනය කිරීම මෙම සංචාරයේ අරමුණ වනවා.
චීන ජනාධිපති ෂි ජින් පින්ගේ ආරාධනයකට අනුවයි මෙම සංචාරය සිදුකෙරෙන්නේ.
රුසියා ජනාධිපතිවරයා 5 වන වරටත් ධුරයේ දිවුරුම්දීමෙන් අනතුරුව සිදුකෙරෙන පළමු විදෙස් සංචාරය ද මෙයයි.
මීට පෙර 2022 වසරේ පෙබරවාරි මාසයේ දී ඔහු චීනයේ සංචාරයක නිරතවුවා.
The post පුටින් චීනේ යන්න හදයි appeared first on ITN News.