ගාල්ල හා කුරුණෑගල තාක්ෂණ උද්යාන ගොඩනැගිලිවලින් නිසි ප්රයෝජන ගන්නැයි උපදෙස්
ගාල්ල හා කුරුණෑගල තාක්ෂණ උද්යාන ගොඩනැගිලි ප්රයෝජනවත් වැඩපිළිවෙලකට යොදා ගන්නැයි ජාතික මෙහෙයුම් මැදිරි කමිටුව උපදෙස් ලබාදී තිබෙනවා.
කුරුණෑගල හා ගාල්ල දිස්ත්රික්කවල ඉදිකරමින් පවතින තාක්ෂණ උද්යානවල මෙතෙක් ඉදිකර ඇති ගොඩනැගිලිවලින් නිසි ප්රයෝජනයක් ලබාගැනීමේ වැඩපිළිවෙලක් සකසන්නැයි ජාතික මෙහෙයුම් මැදිරිය සාකච්ඡාවේදී ආයෝජන ප්රවර්ධන අමාත්යාංශයට උපදෙස් ලබාදුන්නා.
අග්රාමාත්ය ලේකම් අනුර දිසානායක මහතාගේ ප්රධානත්වයෙන් ක්රියාත්මක ජාතික මෙහෙයුම් මැදිරිය මගින් සංවර්ධන ව්යාපෘතිවල ගැටලු හා එම ව්යාපෘති කඩිනම් කිරීමේ ක්රමවේද සාකච්ඡා කෙරෙනවා.
මෙහි ඉදිකිරීම් සිදුකරන ටෙක්ටෝ පාර්ක් සමාගමේ මෙහෙයුම් වියදම් පියවා ගැනීමට මෙම සමාගම සතුව ක්රමවේදයක් දැනට නොපැවතීම හේතුවෙන් ඉදිකිරීම් අතරමග නැවතීම පිළිබද මෙහිදී සාකච්ඡා කෙරුණා.
මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහනේ ගැටලු සම්බන්ධයෙන් හා තවත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ද මෙහිදී කරුණු සාකච්ඡා කෙරුණා.
The post ගාල්ල හා කුරුණෑගල තාක්ෂණ උද්යාන ගොඩනැගිලිවලින් නිසි ප්රයෝජන ගන්නැයි උපදෙස් appeared first on ITN News.