ෆොක්ස් හිල් අනතුරෙන් තුවාල ලබා සිටි පාසල් සිසුවිය ජිවිතක්ෂයට
දියතලාව ෆොක්ස් හිල් මෝටර් රථ ධාවන තරගය අතරතුර සිදුවු අනතුරෙන් තුවාල ලබා සිටි පාසල් සිසුවිය ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
2024 ෆොක්ස් හිල් මෝටර් රථ ධාවන තරගාවලිය පසුගිය අප්රේල් 21ක් වනදා දියතලාව නාරියා කන්ද ධාවන පථයේ දී පැවැත්වුණා. 2019 වසරේ අවසන් වරට පැවති මෙම තරගාවලිය පාස්කු ප්රහාර හේතුවෙන් අතර මග නතර කිරීමට සිදුවුණා.
වසර පහකට පසුව මෙම වසරේ දී පැවති තරගාවලිය අතරතුර මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පැණීමෙන් අනතුරක් සිදුවුණා. එහිදි 7 දෙනෙකුට දිවිඅහිමි වුණා.
මෙලෙස මිය ගිය සිව් දෙනෙකු ධාවන තරගයේ සහයකවරුන් වු අතර සෙසු සියලුදෙනා තරගය නැරඹීමට පැමිණි අයයි.
අනතුර සිදුවු දින පටන් බදුල්ල මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබමින් සිටි සත්දරණි කවිෂ්කා දැරිය ද ඊයේ රාත්රීයේ දී ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
දියතලාව ගල්ඒදණ්ඩ ප්රදේශයේ පදිංචි ඇය 16 හැවිරිදි වියේ පසුවුණා.
අදාළ අනතුර සම්බන්ධව ශ්රී ලංකා යුද හමුදාව මේ වන විට අභ්යන්තර පරීක්ෂණයක් ද ආරම්භ කර තිබෙනවා.
The post ෆොක්ස් හිල් අනතුරෙන් තුවාල ලබා සිටි පාසල් සිසුවිය ජිවිතක්ෂයට appeared first on ITN News.