ගංජා තොගයක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට
රුපියල් ලක්ෂ පනහකට ආසන්න වටිනාකමකින් යුතු ගංජා සමග සැකකරුවන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
තණමල්විල හම්බෙගමුව පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් හම්බෙගමුව ප්රදේශයේසිදු කළ හදිසී වැටලීමකදීයි ගංජා හේන් දෙක වටලා සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.
එම ගංජා හේන් කැලෑ බද ප්රදේශවල ඉතාමත්ම සූක්ෂම ලෙස වගා කර තිබී ඇති අතර එම හේන් දෙකෙහි විවිධ උස ප්රමාණයේ ගංජා ගස් තිස් එක් දහසක් පමන තිබී ඇත.
එම ගංජා වල වටිනාකම රුපියල් ලක්ෂ පනහකට අධික බව පොලිසිය පවසන අතර සියලුම ගංජා ගස් ගිනි තබා විනාශ කර තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා හම්බෙගමුව ප්රදේශයේ ම පදිංචි පුද්ගලයන් දෙදෙනකු වන අතර සැකකරුවන් වැල්ලවාය මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
සිද්ධිය සම්බන්ධයෙන් හම්බෙගමුව පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරනවා.
The post ගංජා තොගයක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.