රාජ්ය ඇමති ශෙහාන්ට මරණ තර්ජනයක්
රාජ්ය අමාත්ය ශෙහාන් සේමසිංහ මහතා ඝාතනය කරන බවට ලැබුණු දුරකතන ඇමතුමක් පිළිබඳ පොලිසියට පැමිණිලි කර තිබෙනවා.
රාජ්ය අමාත්යවරයාගේ කාර්යාලයට ලැබුණු මෙම දුරකතන ඇමතුම සම්බන්ධයෙන් කොටුව පොලිසියට පැමිණිලි කර තිබෙනවා.
ඒ අනුව මේ වන විට විමර්ෂණ ක්රියාත්මකයි.
තර්ජනය කළ බව කියන පුද්ගලයාගේ දුරකතන අංකය පිළිබඳ විස්තර සොයා බැලීම සඳහා අධිකරණයෙන් අවසර ගැනීමට පොලිසිය තීරණය කර තිබෙනවා.
රාජ්ය අමාත්ය ශෙහාන් සේමසිංහ මහතා කියා සිටින්නේ පැරණි ඝාතන සංස්කෘතියක හිස එසවීමක් දක්නට ලැබෙන බවයි.
The post රාජ්ය ඇමති ශෙහාන්ට මරණ තර්ජනයක් appeared first on ITN News.