මිනිස් ජාවාරම ගැන සොයන්න ජනපති නියමයෙන් රුසියාවට කණ්ඩායමක්
යුද කටයුතු සඳහා මෙරට විශ්රාමික ආරක්ෂක නිලධාරීන් යොමු කිරීමේ සිද්ධිය පිළිබඳ සොයා බැලීමට විශේෂ කණ්ඩායමක් රුසියාවට යවන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන් බව විදේශ කටයුතු රාජ්ය අමාත්ය තාරක බාලසූරිය මහතා පවසනවා.
මේ අතර රුසියා යුක්රේන යුද කටයුතු සඳහා මෙරටින් ගොස් සිටින හමුදා සෙබලෙකුගේ බිරිඳකගේ හඩ පටයක් මේ වන විට මාධ්යයට නිකුත් වී තිබෙනවා.
රුසියාවට හමුදා සාමාජිකයන් යැවීම සම්බන්ධයෙන් රුසියාවේ හිටපු ශ්රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා දක්වන අදහස් පිළිබඳ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වහාම පරික්ෂණ ආරම්භ කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්රී ගාමිණී වලේබොඩ මහතා අද පැවති මාධ්ය හමුකදී ප්රකාශ කළා.
මේ අතර රුසියාවේ යුද්ධයට මෙරට හිටපු ආරක්ෂක හමුදා නිලධාරීන් යොමු කිරීම මිනිස් ජාවාරමක් බව විදේශ කටයුතු රාජ්ය අමාත්ය තාරක බාලසූරිය මහතා පවසනවා.
මේ පිළිබඳ සොයා බැලීමට විදේශ කටයුතු හා ආරක්ෂක අමාත්යාංශයේ ඒකාබද්ධ දූත කණ්ඩායමක් රුසියාව වෙත යැවීමට කඩිනමින් ක්රියාමාර්ග ගන්නැයි ජනාධිපතිතුමා උපදෙස් දුන් බව රාජ්ය අමාත්යවරයා ප්රකාශ කළේ.
The post මිනිස් ජාවාරම ගැන සොයන්න ජනපති නියමයෙන් රුසියාවට කණ්ඩායමක් appeared first on ITN News.